දුරකතනයෙන් “දැන් සැප ද?” කියා ඇසූ පුද්ගලයෙකුට සිදු දේ

රක්ෂිත බන්ධනාගාරව ගතව සිට පැමිණි මොරටුව නගරාධිපතිවරයාට ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙකු මොරටුමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නගරාධිපතිවරයා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා විසින් නගරාධිපතිවරයාට ඇමතුමක් ගෙන “දැන් සැපදැයි” යනුවෙන් අසා ඇති බව සඳහන්.

පැමිණිල්ලට අනුව මොරටුමුල්ල පොලීසිය මෙම දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පිළිබඳව දුරකථන වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඒ අනුව කළ විමර්ශනවලින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට පත් ඔහු මීට පෙර ද නගරාධිපතිවරයා සමඟ ආරවුලක් ඇති කරගත් පුද්ගලයෙකු බවයි අප වාර්තාකරු කියා සිටියේ.

එම නඩුව මේ වනවිට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබීමත් විශේෂත්වයක්.

නඩුව විභාග වන බැවින් කිසිදු අයුරකින් නගරාධිපතිවරයා හට තර්ජනයක් සිදු නොකළ යුතු බව ද අධිකරණය සැකකරුට නියෝග කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03