මැද පෙරදිග ඇති වූ යුදමය තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වූ බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා.
සංචාරක අමාත්‍යාංශයේදී අද (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2025 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙම වසරේ මාර්තු මාසයේ දී සංචාරකයින්ගේ පැමිණිම 20%කින් පමණ අඩුවක් පෙන්නුම් කරන බවයි.
මේ අතර මෙම මාසය (අප්‍රේල්) තුළ පසුගිය 19 වනදා වනවිට සංචාරකයින් 88,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම ඇතැම් ගුවන් සමාගම් ශ්‍රී ලංකාවට කෙරෙන ගුවන් ගමන් වාර යම් වශයෙන් ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.













