ජාත්‍යන්තර සාම පාගමන මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙම සාම පාගමන අද (22) පෙරවරුවේ දඹුල්ල රජමහා විහාරය අහිභියසින් ආරම්භ වුණා.
එලෙස ආරම්භ වූ සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28 වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා.
ඇමරිකාවේ සිට වැඩම කළ වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම සමයේ සුරතලා ලෙස හැඳින්වෙන ‘අලෝකා’ සුනඛයා ද මීට සහභාගීව සිටිනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මඟ පෙන්වීම මත, ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන ඇතුළු ආයතන කිහිපයක් මෙම සාම පාගමනට පහසුකම් සපයනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
1
+1
+1













