ඉරානය, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම හේතුවෙන් ලෝකය මෙතෙක් මුහුණ දුන් දරුණුතම බලශක්ති අර්බුදය නිර්මාණය වෙමින් පවතින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානි ෆාති බිරෝල් පවසනවා.
ප්‍රංශ අන්තර් ගුවන් විදුලිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා මේ අබව සඳහන් කළා.
රුසියාව සමඟ ඇති වූ පෙට්‍රල් අර්බුදයේ සහ ගෑස් අර්බුදයේ බලපෑම් මෙයට එකතු වූ විට, මෙම අර්බුදය දැනටමත් දැවැන්ත වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
මේ අතර ගෝලීය බලශක්ති වෙළඳපොළේ වත්මන් තත්ත්වය 1973, 1979 සහ 2022 වසරවල පැවති අර්බුද සියල්ලෙහි එකතුවට වඩා දරුණු බවයි බිරෝල් මෙම මස මුලදී ද ප්‍රකාශ කර තිබුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
1
+1
+1













