AFC Banner
Empty Ad
Empty Ad

දරුවන් 65ක ළමා නිවාසයක් -ඉන් දරුවන් 12කට කොවිඩ්

බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් 12 කට හා සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා

මෙම ළමා නිවාසයේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි සේවකයකුට ඉකුත් දිනක කොරෝනා ආසාදනය වී තිබෙනවා .

ඒ අනුව එම සේවකයා සමඟ ළඟින් ඇසුරු කළ සේවකයන් දෙදෙනකු හා ළමයින් දහනව දෙනෙකු ඉකුත් 12 දින පරීක්ෂණ ට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ

මෙම පරීක්ෂණ වාර්තා ඊයේ (15) දින ලැබී තිබෙනවා

ඒ අනුව එම අය අතුරෙන් පරිවාස ළමයින් දොළොස් දෙනකුට හා සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බැව් තහවුරු වී තිබෙන බවයි වාර්තා වන්නේ .

මේ වනවිට එම කොරෝනා ආසාදනය වූ ළමයින් හා සේවකයන් දෙදෙනා ආරච්චිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකොට තිබෙනවා

මෙම පරිවාස බාරයේ ඇති ළමා නිවාසයේ පරිවාස ළමයින් හැට පස් දෙනකු හා සේවකයන් පහළොස් දෙනෙකු සිටින අතර පි. සි. ආර් පරීක්ෂණ සඳහා යොමුනොකර සිටි අනෙකුත් ළමයි හා සේවකයන් පි. සි. ආර් පරීක්ෂණ සදහා යොමුකිරිමට නියමිත බැව් සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?