හෝර්මූස් යළි විවෘතවීම ගැන චීන ජනපති සතුටින් බව ට්‍රම්ප් කියයි

හෝර්මූස් සමුද්‍ර සන්ධිය විවෘත වීම සහ එය වේගයෙන් විවෘත වීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං ඉතා සතුටු වන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

Truth Social සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප් ජනධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

මේ අතර මැයි 14-15 දිනවල චීනයේ පැවැත්වීමට නියමිත ෂී ජින් පිං ජනපතිගේ සහ තමා අතර හමුව ඓතිහාසික හමුවක් වනු ඇති බවයි ට්‍රම්ප් තවදුරටත් පවසන්නේ.

ඉරානයේ තෙල් මිලදී ගන්නා විශාලතම පාරිභෝගිකයා චීනය වන අතර, එම තෙල්වලින් සියයට 38ක් පමණ ලබාගන්නේ හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහායි.

ලෙබනන් සටන් විරාමය ක්‍රියාත්මක වන අතරතුර, ඉරාන විදේශ අමාත්‍යවරයා හෝමූස් සමුද්‍ර සන්ධිය නැව් සඳහා විවෘත බව ප්‍රකාශ කළා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් මෙම පියවරට ප්‍රශංසා කළ අතර, එක්සත් ජනපද-ඉරාන ගිවිසුමක් සම්පූර්ණ වන තුරු ඇමරිකාව ඉරාන වරායන් අවහිර කිරීම පවතිනු ඇතැයි ද අවධාරනය කළා.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය නැව් සඳහා විවෘතවීමත් සමඟ තෙල් මිල පහත වැටීමට හේතු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46