AFC Banner
Empty Ad
Empty Ad

ඩිලිවරි සේවා වෙත නිවේදනයක්

භාණ්ඩ ප්‍රවාහන සේවා හෙවත් ඩිලිවරි සේවා පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ලබන 21 වනදා දක්වා එය දීර්ඝ කර ඇති බව යි.

සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති නිසා දැනට පවතින බලපත්‍ර මගින් ඔවුන්ට අදාළ ප්‍රදේශවල පමණක් බාධාවකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ සේවාවන් පවත්වාගෙන යෑමට හැකියාවක් ඇති බව යි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් ලබා දී ඇති එම බලපත්‍ර අවභාවිත නොකරන ලෙසටත් සංචරණ සීමා පවතින කාලසීමාව තුළ මහජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා පමණක් එය භාවිත කරන ලෙසටත් ද අජිත් රෝහණ මහතා ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?