ගල්අඟුරු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා මත පටවන්නේ නැහැ – PUCSL

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනවල දී ගල් අඟුරු ආශ්‍රිත ගැටලු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ගල් අඟුරු මිලදී ගැනීමේ දී හෝ සැපයුමේ දී ඇති වූ විවිධ තාක්ෂණික හා පරිපාලනමය ගැටලු හේතුවෙන් විදුලි උත්පාදන පිරිවැය ඉහළ ගියද, එම බර ජනතාව මත පටවා විදුලි බිල ඉහළ දැමීමට ඉඩ ලබානොදෙන බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

එම කොමිෂන් සභාව පැවසුවේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදි සලකා බලනුයේ විදුලි ජනනය, සම්ප්‍රේශණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !