AFC Banner
Empty Ad
Empty Ad

7500ක අමතර දීමනාවක් ලැබෙන පිරිසක් ගැන ඉඟි පළවෙයි

වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩිකිරීම හේතුවෙන් තමන්ට සිදුවන අසාධාරණය පිළිබඳව පසුගිය දින කිහිපය පුරාම සෞඛ්‍ය සේවකයින් සිය විරෝධය පළ කළා.

මෙවන් තත්ත්වයක් මත මෙම විරෝධය මගහැරවීම සඳහා රුපියල් 7,500ක දීමනාවක් අනෙකුත් පොදු සෞඛ්‍ය සේවයට ද ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වන බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා.

එහි සම කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ ඊයේ (14) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ද ඒ පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ අද (15) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?