ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ඉරානයට එරෙහිව අපහාසාත්මක තර්ජනයක් එල්ල කිරීමෙන් පසු ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.6% කින් ඉහළ ගොස් එය මේ වනවිට ඩොලර් 110.85ක අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජනපදය වෙළඳාම් කරන WTI බොරතෙල් බැරලයක මිල ද 0.3% කින් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර වෙළඳපොළ තොරතුරුවල දැක්වෙනවා.
ඒ, අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 111.80ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තීරණාත්මක හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන නැව් වලට එරෙහි තර්ජනයෙන් ඉරානය පසුබැස නොයන්නේ නම් ඉරානයේ පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ට්‍රම්ප් තර්ජනය කිරීමෙන් පසුව මෙලෙස යළිත් බොරතෙල් මිල ඉහළ ගියා.













