අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇති තරම් වෙළඳපොළේ – අනවශ්‍ය තොග රැස්කරගැනීම් එපා

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වෙළඳපොළ තුළ පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමය පවසනවා.

අද (31) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ ලේකම් පී.සුබ්‍රමනියම් මේ බව සඳහන් කළා.

ඒ, අනුව ලේකම්වරයා පාරිභෝගික ජනතාවට දැනුම් දෙන්නේ භාණ්ඩ හිඟයක් ඇතිවෙතැයි බියෙන් අනවශ්‍ය ලෙස තොග රැස්කර ගැනීම් සිදුනොකරන ලෙසයි.

එසේ සිදුකළ හොත් වෙළඳපොළ තුළ අනවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළයාමක් සිදුවනු ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල සුළු ඉහළයාමක් සිදුව ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15