පිඹුරෙක් ගෙලේ පටලවාගෙන නැටූ අවුරුදු කුමරියට ඇප

කොළඹ ප්‍රදේශයේ පැවති “රාජකීය අවුරුදු කුමරා කුමරිය” තේරීමේ උත්සවයකදී හිංසාකාරී අයුරින් පිඹුරෙකු ගෙලේ රඳවාගෙන නර්තනයේ යෙදුණු බව කියන සිද්ධියට අදාලව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකාර තරුණිය ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න අද (24) නියෝග කළා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

සිද්ධියට අදාල සැකකාරිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධියට අදාළ සැකකරිය අද ප්‍රකාශයක් ලබාදීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධියට අදාළ සැකකාරියට එම සත්වයා ලබා දී ඇත්තේ බුත්තල ප්‍රදේශයේ පුද්ගලයෙක් බවත් ඔහු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කර අත්අඩංගුවට ගන්නා බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

මෙම සිද්ධියට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් පදනම් කරගනිමින් වනජීවී නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබුණා.
වනජීවී දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ, නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් කොළඹ ‘රෝයල් මාක්ස් අරීනා’ පරිශ්‍රයේ සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී ‘මෙත්මී හිරන්‍යා’ නමැති තරුණියක උරග වර්ගයේ සතෙකු වන පිඹුරෙකු සිය ගෙලේ රඳවාගෙන සත්වයාට හිංසා වන අයුරින් නර්තනයේ යෙදී ඇති බවයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙසට සැකකාරියට දැනුම් දී තිබුණද, ඇය එය පැහැර හැර මේ වන විට සැඟව සිටින බව විමර්ශන නිලධාරීන් ඊයේ අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස ද ඔවුහු ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38