AFC Banner
Empty Ad
Empty Ad

සංචරණ සීමා ගැන ජනපතිට තවත් යෝජනාවක් එයි

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබෙනවා.

දිනපතා වාර්තාවන ආසාදිත සංඛ්‍යාව ඉහළ යෑම හා කොවිඩ් මරණ සංඛ්‍යාවද සැලකිල්ලට ගනිමින් එම සංගමය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වෙනවා.

මේ අතර ඊයේ (13) කොවිඞ් ආසාදිතයන් 2031 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබෙන අතර ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් ගණන 1,88,547 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ කොවිඞ් ආසාදිතයන් 1886 දෙනකු වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

එ අනුව කොවිඞ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,23,163 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොවිඞ් ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ 63 ක් පෙරේදා (12) රාති‍්‍රයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ජනරාල්වරයා තහවුරු කළා.

ඒ සමග මෙරටින් වාර්තා වන මුළු කොවිඞ් මරණ සංඛ්‍යාව 2136 දක්වා ඉහළ ගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?