සංචරණ සීමා ගැන ජනපතිට තවත් යෝජනාවක් එයි

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබෙනවා.

දිනපතා වාර්තාවන ආසාදිත සංඛ්‍යාව ඉහළ යෑම හා කොවිඩ් මරණ සංඛ්‍යාවද සැලකිල්ලට ගනිමින් එම සංගමය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වෙනවා.

මේ අතර ඊයේ (13) කොවිඞ් ආසාදිතයන් 2031 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබෙන අතර ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් ගණන 1,88,547 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ කොවිඞ් ආසාදිතයන් 1886 දෙනකු වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

එ අනුව කොවිඞ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,23,163 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොවිඞ් ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ 63 ක් පෙරේදා (12) රාති‍්‍රයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ජනරාල්වරයා තහවුරු කළා.

ඒ සමග මෙරටින් වාර්තා වන මුළු කොවිඞ් මරණ සංඛ්‍යාව 2136 දක්වා ඉහළ ගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09