AFC Banner
Empty Ad
Empty Ad

15 හැවිරිදි දියණිය ගැබිනියක් කළ පියාට අත් වු ඉරණම

තම පහළොස් හැවිරිදි දියණිය ගැබිනියක් කළ පියෙකු ජූනි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (ජූනි 11) නියෝග කළේ ය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, බූස්ස පදිංචි 44 හැවිරිදි පස් දරු පියෙකි.

සැකකරුගේ 18 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා ඉකුත් පෙබරවාරි මාසයේ මියගොස් ඇති අතර බිරිඳ සැකකරුගෙන් වෙන්ව වෙනත් අයෙකු සමග ඇයගේ මවගේ නිවසේ දරුවන් ද සමග ජීවත් වී ඇත.

එසේ සිටියදී, වින්දිත දැරිය අසල නිවසක පදිංචි පියාට තේ ගෙන ගොස් ඇති අතර එසේ ගිය අවස්ථා කිහිපයකදී දියණිය දූෂණය කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වින්දිත දැරියගේ සිරුරේ වෙනස්වීම් දුටු මව ඒ පිළිබඳ ඇයගෙන් විමසා ඇති අතර එහිදී දැරිය මෙම සිද්ධිය පිළිබඳව මවට පවසා ඇත. පසුව මව ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව, පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය මහමෝදර රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී අනාවරණයවී ඇත්තේ දැරිය සිව් මස් ගැබිණියක් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?