15 හැවිරිදි දියණිය ගැබිනියක් කළ පියාට අත් වු ඉරණම

තම පහළොස් හැවිරිදි දියණිය ගැබිනියක් කළ පියෙකු ජූනි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (ජූනි 11) නියෝග කළේ ය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, බූස්ස පදිංචි 44 හැවිරිදි පස් දරු පියෙකි.

සැකකරුගේ 18 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා ඉකුත් පෙබරවාරි මාසයේ මියගොස් ඇති අතර බිරිඳ සැකකරුගෙන් වෙන්ව වෙනත් අයෙකු සමග ඇයගේ මවගේ නිවසේ දරුවන් ද සමග ජීවත් වී ඇත.

එසේ සිටියදී, වින්දිත දැරිය අසල නිවසක පදිංචි පියාට තේ ගෙන ගොස් ඇති අතර එසේ ගිය අවස්ථා කිහිපයකදී දියණිය දූෂණය කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වින්දිත දැරියගේ සිරුරේ වෙනස්වීම් දුටු මව ඒ පිළිබඳ ඇයගෙන් විමසා ඇති අතර එහිදී දැරිය මෙම සිද්ධිය පිළිබඳව මවට පවසා ඇත. පසුව මව ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව, පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය මහමෝදර රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී අනාවරණයවී ඇත්තේ දැරිය සිව් මස් ගැබිණියක් බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48