මව පියා දෙදෙනාම කොවිඩ් නිසා මරුට

වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ කොරෝනා වයිරසය ආසාදනය වී අඹුසැමි යුවළක මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

කොරෝනා ආසාදිත වූ තිදරු පියා මීට සති කුනකට පෙර මියගොස් ඇති අතර ඔහුගේ බිරිය තිදරු මව පෙරේදා (11) දින මියගොස් තිබෙනවා.

ඔවුන්ගේ දරුවන් තිදෙනා ද වයස අවුරුදු තුනක මුණුපුරකු ද මේ වන විට කොරෝනා වයිරසයට ගොදුරු වි ඇතැයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරනවා.

දැනට සති තුනකට පෙර කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී සැමියා මිය යාමෙන් පසුව නිවැසියන් සියළු දෙනාට සිදු කළ පී.සී.ආර් මියගිය මවට සහ ඇගේ ඇගේ පුතුන් තිදෙනෙකුට හා කුඩා දරුවාටත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළිව තිබෙනවා.

එම පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට සැලසුම් කොට සිටියදී මව පෙරේදා (11) රාත්‍රී මිය ගොස් තිබුණා.

මිය ගිය තැනැත්තිය ගේ නිවසේ සිටින සියළු දෙනාට වයිරසය ආසාදනය වී ඇති හෙයින් ආදාහන කටයුතු කිරීම සඳහා ඔවුන්ට දායක වීමට නොහැකි වීම හේතුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගේ මැදිහත්වීම යටතේ කිසිදු මුදලක් අය නොකොට මිය ගිය මවගේ ආදාහන කටයුතු තිහාරිය මල්වත්ත ආදාහනාගාරයේ දී ඊයේ (12) දහවල් සිදු කෙරුණා.

සභාපති වරයාගේ ඉල්ලීම පරිදි නිට්ටඹුව ප්‍රදේශයේ මල් ශාලාවක් මගින් මෘත දේහය සකස් කොට අවමංගල රථයකින් ආදාහනාගාරය දක්වා වූ සියළු කටයුතු ද නොමිලේ කර දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14