AFC Banner
Empty Ad
Empty Ad

මව පියා දෙදෙනාම කොවිඩ් නිසා මරුට

වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ කොරෝනා වයිරසය ආසාදනය වී අඹුසැමි යුවළක මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

කොරෝනා ආසාදිත වූ තිදරු පියා මීට සති කුනකට පෙර මියගොස් ඇති අතර ඔහුගේ බිරිය තිදරු මව පෙරේදා (11) දින මියගොස් තිබෙනවා.

ඔවුන්ගේ දරුවන් තිදෙනා ද වයස අවුරුදු තුනක මුණුපුරකු ද මේ වන විට කොරෝනා වයිරසයට ගොදුරු වි ඇතැයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරනවා.

දැනට සති තුනකට පෙර කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී සැමියා මිය යාමෙන් පසුව නිවැසියන් සියළු දෙනාට සිදු කළ පී.සී.ආර් මියගිය මවට සහ ඇගේ ඇගේ පුතුන් තිදෙනෙකුට හා කුඩා දරුවාටත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළිව තිබෙනවා.

එම පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට සැලසුම් කොට සිටියදී මව පෙරේදා (11) රාත්‍රී මිය ගොස් තිබුණා.

මිය ගිය තැනැත්තිය ගේ නිවසේ සිටින සියළු දෙනාට වයිරසය ආසාදනය වී ඇති හෙයින් ආදාහන කටයුතු කිරීම සඳහා ඔවුන්ට දායක වීමට නොහැකි වීම හේතුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගේ මැදිහත්වීම යටතේ කිසිදු මුදලක් අය නොකොට මිය ගිය මවගේ ආදාහන කටයුතු තිහාරිය මල්වත්ත ආදාහනාගාරයේ දී ඊයේ (12) දහවල් සිදු කෙරුණා.

සභාපති වරයාගේ ඉල්ලීම පරිදි නිට්ටඹුව ප්‍රදේශයේ මල් ශාලාවක් මගින් මෘත දේහය සකස් කොට අවමංගල රථයකින් ආදාහනාගාරය දක්වා වූ සියළු කටයුතු ද නොමිලේ කර දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?