ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව භාරයට ගත් නෞකාවේ තිබී සොයාගත් හෙරොයින් සහ කොකේන් මත්ද්‍රව්‍ය එම යාත්‍රාවට ලබාදී ඇත්තේ ඉරාන යාත්‍රාවකින් බවට අනාවරණය වී තිබෙනවා.
මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිට අත්අඩංගුවට පත්වූ සැකකරුවන්ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මේ බව අනාවරණය වූ බවයි පොලිසිය සදහන් කළේ.
මෙම බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු සඳහා පසුගිය 13 වනදා ගාල්ල වරායෙන් පිටත්ව ගොස් තිබුණා.
හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් හයදෙනා අද (08) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.
එහිදී යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 103ක් සහ කොකේන් ග්‍රෑම් 913ක් සොයාගැනීමට හැකියාව ලැබුණා.
මෙලෙස සොයාගැනුණු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 300 කට ආසන්නයි.
.



