දකුණු මුහුදෙන් ඇල්ලූ ධීවර යාත්‍රාවට මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ ඉරාන යාත්‍රාවකින් බවට හෙළිවෙයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව භාරයට ගත් නෞකාවේ තිබී සොයාගත් හෙරොයින් සහ කොකේන් මත්ද්‍රව්‍ය එම යාත්‍රාවට ලබාදී ඇත්තේ ඉරාන යාත්‍රාවකින් බවට අනාවරණය වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිට අත්අඩංගුවට පත්වූ සැකකරුවන්ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මේ බව අනාවරණය වූ බවයි පොලිසිය සදහන් කළේ.

මෙම බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු සඳහා පසුගිය 13 වනදා ගාල්ල වරායෙන් පිටත්ව ගොස් තිබුණා.

හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් හයදෙනා අද (08) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 103ක් සහ කොකේන් ග්‍රෑම් 913ක් සොයාගැනීමට හැකියාව ලැබුණා.

මෙලෙස සොයාගැනුණු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 300 කට ආසන්නයි.

.

  1. ඉරාන පලස්තීන මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවේ සිංහල හා දමිල තරුණ පරපුර සංහාරය කීරීමට මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම කරගෙන යයි. අපේ අහිංසක තරුණ දරුවන් ඒ උප්පරවැට්ටි ය නොදනී. මත්ද්‍රව්‍ය ආනයන ට ඉරාන ජාතිකයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කර රට බේරා ගනිමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46