මැදපෙරදිගට යවන අපනයනයන් කොළඹ වරායට ගේන්න එපා – වරාය ඇමති

මැදපෙරදිග කලාපයේ ආරම්භ වී තිබෙන යුදමය තත්ත්වයත් සමඟ ගල්ෆ් කලාපයේ නාවික කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් එම කලාපයට සිදුවන අපනයන සඳහා බාධා එල්ල වනු ඇති බවයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසන්නේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන විකල්ප වෙළඳපොළවල් වෙත තේ ඇතුළු මෙරට අපනයනයන් යොමු කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු පැවසුවේ.

මේ අතර මැදපෙරදිග කලාපය වෙත අපනයනන සඳහා යොමුකරන තේ ඇතුළු අනෙකුත් අපනයනයන් දැනට කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් වැළකී සිටින ලෙස අමාත්‍යවරයා දැනුම් දෙනවා.

වරාය තුළ අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළක්වීම සඳහා මෙම ඉල්ලීම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙරට තේ වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයෙන් මිලදී ගනු ලබන අවස්ථාවක, තේ අපනයන සඳහා සැලකිය යුතු බලපෑමක් ඉදිරි දිනවල දී සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඒ වෙනුවෙන් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතන සමඟ සාකච්ඡාකර හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04