Update – ඊශ්‍රායල හමුදා නියෝගට දකුණු ලෙබනනයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිවාස හැරයයි

දකුණු ලෙබනනයේ අවම වශයෙන් ගම්මාන සහ නගර 53 ක පදිංචිකරුවන්ට තම නිවාසවලින් ඉවත්වන ලෙසට ඊශ්‍රායල හමුදාව නියෝග කර තිබෙනවා.

දකුණු ලෙබනනයේ හරිස්, නබතිහ්, අල්-ෆව්කා යන නගර තුනට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව නෙන නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

“ඔබේ ආරක්ෂාව සඳහා, ඔබ වහාම ඔබේ නිවාස අතහැර ගම්මානවලින් අවම වශයෙන් මීටර් 1,000ක් දුරින් විවෘත ප්‍රදේශවලට යා යුතුයි.” යන්න අනතුරු ඇඟවීමේ සඳහන් වන අතර, හිස්බුල්ලා සාමාජිකයින්, එහි පහසුකම් හෝ හමුදා වත්කම් අසල සිටින ඕනෑම අයෙකු ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් කරන බවත් ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඊශ්‍රායල හමුදාව නිකුත් කර ඇති නියෝගයත් සමඟ ගම්මාන දුසිම් ගණනක ජනතාව මේ වනවිටත් සිය නිවාස අතහැර එම ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ප්‍රදේකරා යෑම අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස විශාල පිරිසක් සිය නිවාස අතහැර ඉවත්ව යාමත් සමඟ මේ වනවිට බේරූට් සහ සීදොන්හි දැඩි රථවාහන තදබදයක් පවතින බවයි තොරතුරු වාර්තා වන්නේ.

දකුණු දකුණු ලෙබනනයේ ටයර් කලාපයේ සිට බේරූට් සහ උතුරු ලෙබනනය දෙසට මෙලෙස ලෙබනන් වැසියන් ගමන් කරන බව විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

උතුරු ඊශ්‍රායලයේ හයිෆා අසල හමුදා කඳවුරකට හිස්බුල්ලා සංවිධානය රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායල ජෙට් යානා ලෙබනනයේ බේරූට් වෙත බෝම්බ හෙළා තිබෙනවා.

අද (02) අලුයම ලෙබනන් හිස්බුල්ලා සංවිධානය පැවසුවේ ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඝාතනයට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලයේ හයිෆා අසල හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවයි.

  1. කිනම් රටක උවත් ඔය යුධ කරන්නේ ජනතාවට දේපල අරන් දෙන්නද? ජනතාවට ඕන නිසාද? කෙලවරට ගිහින් බැලුවම මුන් ඔක්කොම මානසික රෝගියො.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14