මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය හමුවේ එම කලාපයේ වෙසෙන කිසිඳු ශ්‍රී ලාංකිකයෙක්ට අනතුරක් සිදුව නොමැති බවට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
එම කලාපයේ පවතින තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලාංකීකයන් වෙත විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ලබාදී ඇති බවත් ඒ අනුව ක්‍රියාත්මක වන ලෙසත් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
හදිසි අවශ්‍යතා ඇති වුවහොත් සම්බන්ධ වීමට සහ සම්බන්ධතා පවත්වා ගැනීම වෙනුවෙන් හදිසි දුරකතන අංක ද ස්ථාපිත කරමින් සිටින බවට අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
7
+1
+1
3
+1
+1



