Update – ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ ප්‍රාථමික පාසලක 05ක් ජීවිතක්ෂයට – සෞදිය ඉරානයට අනතුරු අඟවයි

ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර හමුවේ ප්‍රාථමික පාසලක පස්දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

දකුණු ඉරානයේ හෝර්මොස්ගන් පළාතේ පිහිටි නගරයක් වන මිනාබ් හි ප්‍රාථමික බාලිකා පාසලකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වූ බවයි එම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ.

එම ප්‍රහාරයෙන් සිසුවියන් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර, තුවාල ලැබූවන් කිසිවක් වාර්තා වී නැහැ.

මේ අතර ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කටාර්, ජෝර්දානය සහ කුවේට් වෙත එල්ල කරන ලද ප්‍රහාර සෞදි අරාබිය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

රාජ්‍ය ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවට සෞදි අරාබිය අනතුරු අඟවනවා.