ඉරානය හා ඊශ්‍රායල අතර මතුව ඇති යුද ආතතීන් මධ්‍යයේ ගුවන් සේවා කිහිපයක් ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් අවලංගු කර ඇති බව වාර්තා වනවා.
ඒ, අනුව තුර්කි ගුවන් සේවය කටාර්, කුවේට්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, ලෙබනනය, සිරියාව, ඉරාකය, ඉරානය සහ ජෝර්දානය වෙත සිදුකරන ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම කටාර් රාජ්‍ය ද සිය ගුවන් ගමන් කලාපය වසා දැමීම හේතුවෙන්, කටාර් ගුවන් සේවය ද සියළුම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් එයාර් ඉන්දියා ගුවන් සමාගම ද මැද පෙරදිගට යන සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව වාර්තා වනවා.
මේ අතර ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක් සිය ගුවන් කලාප වසා දැමීමට පියවර ගනු ලැබුවා.
ඒ, අනුව කටාර් රාජ්‍යට අමතරව කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මෙලෙස සිය ගුවන් කලාප වසා දැමීමට මේ වනවිටත් කටයුතු කර තිබෙනවා.













