කොවිඩ් මරණ 62ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඉන් මරණ 07 මැයි මස 08 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති අනෙක් මරණ 55 ජුනි මස 01 වනදා සිට ජුනි මස 10 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සඳහන් කළේය.

එහෙත් ඊයේ (11) දිනයේ කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,073 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ තහවුරු කරන ලද මරණ අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සහ කාන්තාවන් 27 දෙනෙකු වේ.

එම මරණ අතර වයස අවුරුදු 30ත් – 39ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු, අවුරුදු 40ත් – 49ත් අතර පුද්ගලයින් තිදෙනෙකු, අවුරුදු 50ත් – 59ත් අතර පුද්ගලයින් සිව් දෙනෙකු, අවුරුදු 60ත් – 69ත් අතර පුද්ගලයින් 13 දෙනෙකු, අවුරුදු 70ත් – 79ත් අතර පුද්ගලයින් 21 දෙනෙකු, අවුරුදු 80ත් – 89ත් අතර පුද්ගලයින් 17 දෙනෙකු සහ අවුරුදු 90ත් – 99ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් පුද්ගලයින් 13 දෙනෙකු නිවසේදී මියගොස්  ඇති බව වාර්තා වේ.

මරණ 05ක් රෝහල් ගත කරන අවස්ථාවේදී සිදුව ඇති අතර සෙසු මරණ 44 රෝහල් ගතව ප්‍රතිකාර ලබමින්  සිටියදී මියගොස් තිබේ.

කොවිඩ් නියුමෝනියා, කොවිඩ් නියුමෝනියාවත් සමග ඇති වූ සංකූලතා සහ කොවිඩ් වෛරසය ආසාදනයවීමත් සමග පැවැති නිදන්ගත රෝග උස්සන්නවීම එම සියලු මරණවලට හේතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?