කොවිඩ් මරණ 62ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඉන් මරණ 07 මැයි මස 08 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති අනෙක් මරණ 55 ජුනි මස 01 වනදා සිට ජුනි මස 10 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සඳහන් කළේය.

එහෙත් ඊයේ (11) දිනයේ කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,073 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ තහවුරු කරන ලද මරණ අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සහ කාන්තාවන් 27 දෙනෙකු වේ.

එම මරණ අතර වයස අවුරුදු 30ත් – 39ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු, අවුරුදු 40ත් – 49ත් අතර පුද්ගලයින් තිදෙනෙකු, අවුරුදු 50ත් – 59ත් අතර පුද්ගලයින් සිව් දෙනෙකු, අවුරුදු 60ත් – 69ත් අතර පුද්ගලයින් 13 දෙනෙකු, අවුරුදු 70ත් – 79ත් අතර පුද්ගලයින් 21 දෙනෙකු, අවුරුදු 80ත් – 89ත් අතර පුද්ගලයින් 17 දෙනෙකු සහ අවුරුදු 90ත් – 99ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් පුද්ගලයින් 13 දෙනෙකු නිවසේදී මියගොස්  ඇති බව වාර්තා වේ.

මරණ 05ක් රෝහල් ගත කරන අවස්ථාවේදී සිදුව ඇති අතර සෙසු මරණ 44 රෝහල් ගතව ප්‍රතිකාර ලබමින්  සිටියදී මියගොස් තිබේ.

කොවිඩ් නියුමෝනියා, කොවිඩ් නියුමෝනියාවත් සමග ඇති වූ සංකූලතා සහ කොවිඩ් වෛරසය ආසාදනයවීමත් සමග පැවැති නිදන්ගත රෝග උස්සන්නවීම එම සියලු මරණවලට හේතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55