Update – කුලී ගමනක් යන මුවාවෙන් ගිහින් ත්‍රිරෝද රථ රියදුරා මැරූ බාලවයස්කාර ඝාතකයා අල්ලයි

කුලී ගමනක් යන මුවාවෙන් කැඳවාගෙන ගොස් ත්‍රිරෝද රථයේ රියදුරා ඝාතනය කර ඔහු සතුව තිබූ මුදල් සහ ත්‍රීරෝද රථය කොල්ලකා පලාගිය බව කියන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු සහ කොල්ලකෑ ත්‍රිරෝද රථය ඊයේ (22) දින මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 16ක පුත්තලම, රත්මල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු අධික ලෙස මත්කුඩු භාවිත කිරීමට ඇබ්බැහි වී සිටින අයෙකු බව පොලීසිය පවසනවා.

ඊයේ (22) උදෑසන පුත්තලම පොලිස් වසමේ අඩපනාවිල්ලුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කාණුවක තිබී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනුණා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම, රත්මල්යාය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 72ක ත්‍රිරෝද රථ රියදුරෙක්.

ඝාතනයට ලක්වූ මෙම පුද්ගලයා තම ත්‍රීරෝද රථයෙන් තවත් පුද්ගලයෙකු සමඟ පෙරේදා (21) රාත්‍රියේ කුලී ගමනක් යමින් සිටියදී ත්‍රී රෝද රථයේ ගමන්කළ පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පුත්තලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38