Update – ගාලු කුමාරිගේ ගැටුණු කැබ් රථයේ සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්‍රාගාමී දුම්රියේ අද (22) උදෑසන කැබ් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පයාගල සහ මග්ගොන අතර පිහිටි පැලපොල්ගහවත්ත දුම්රිය හරස් මාර්ගයේ දී කැබ් රථය දුම්රියේ ගැටී තිබුණා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් කළුතර, නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 22 සහ 28 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ යාබද ඉදිකිරීම් ව්‍යාපෘතියක සේවය කරන පුද්ගලයකුගේ කැබ් රථයක් බවට අනාවරණය වී ඇති අතර, දුම්රියේ ගැටීමෙන් අනතුරුව කැබ් රථය මීටර් 50කට ආසන්න ප්‍රමාණයක් ඇදී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00