ලාංකීය ප්‍රභේදය යටපත් වෙයි – ඊට වඩා භයානක ප්‍රභේදයක් රට පුරා

පසුගිය කාලයේ මෙරටින් වාර්තා වූ ශ්‍රී ලංකාවට ආවෙිණික කොවිඩ් 19 ප්‍රභේදය මේවන විට සම්පූර්ණයෙන්ම පාහේ යටපත් වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරනවා.

ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

ශ්‍රී ලාංකික ප්‍රභේදය යටපත්ව ඇති බවට පෙන්නුම් කරන නමුත් බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය හෙවත් ඇල්ෆා ප්‍රභේදය මේවන මෙරටින් වැඩි වශයෙන් වාර්තාවන බවයි.

පසුගිය මාසයක කාලය තුළ ලද පර්යේෂණ දත්තවලට අනුව කොළඹින් පිටත දුරබැහැර ප්‍රදේශවලට ද බ්‍රිතාන්‍ය ප්‍රභේදය පැතිර ගොස් ඇති බව අනාවරණය වූ බව ද ආචාර්යවරයා ප්‍රකාශ කළා.

මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, හබරාදූව, මාතර, කරාපිටිය, මහනුවර සහ රාගම ආදී ප්‍රදේශවලින් ද බ්‍රිතාන්‍ය ප්‍රභේදය වාර්තා වී ඇති බවයි ඔහු පවසන්නේ.

මෙම ප්‍රභේදය සාමාන්‍ය කොවිඩ් 19 වෛරසයට වඩා 50%කින් පමණ වැඩි වේගයකින් පැතිරෙන බවත්, 55%කින් පමණ දරුණු බවින් සහ මාරාන්තික බවින් වැඩි බවත් ආචාර්ය ජීවන්දර අවධාරණය කළා.

කෙසේ වෙතත් මේවන විට මෙරට භාවිතවන කොවිඩ් මර්ධන එන්නත් වර්ග 03ම (ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික් සහ සයිනොෆාම්) මෙම බ්‍රිතාන්‍ය ප්‍රභේදය හෙවත් ඇල්ෆා ප්‍රභේදයට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන බව ද ඔහු සඳහන් කළා.

එම නිසා ජනතාව තමන්ට නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතා වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම එක් පුද්ගලයෙකුගේ ජෛව සාම්පල හරහා ඉන්දියානු ප්‍රභේදය ද හමු වූ බව පවසන ආචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එම තැනැත්තා නිරෝදායනය වෙමින් සිටි පුද්ගලයෙකු බවයි.

එම නිසා ඉන්දියානු ප්‍රභේදයේ පැතිරීමක් මෙරට තුළ සිදුව නොමැති බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් සජබයේ චන්න විකුම් දිවුරුම් දෙයි
03:34
Video thumbnail
රාජපක්ෂ ලෙවල් එකට දිසානායක වැටිලා..අල්ලස් කොමිසම Fail..ඩෝබි බලකාය චූන් කරන වැඩක් මේ කරන්නේ..
08:16
Video thumbnail
මෙන්න කාළගුණයේ උඩු යටිකුරු වෙන වෙනස..සුළු වැස්සකටත් පස් කඳු කඩා වැටීමේ අවදානමක්..!
08:00
Video thumbnail
රඹුක්කන - නුවර දුම්‍ රිය මාර්ගයේ සිදුවූ හානිය ඉතා බරපතළයි..මේ අභියෝගය අපි කොහොමහරි ජයගන්න ඕනි
13:32
Video thumbnail
මහ වාරි ජලාශ මේ වනවිට 31ක් වාන් දාලා..සාමාන්‍ය ධාරිතාවය ජලාශවල 80%ක් පමණ ජලය පි‍රිලා පවතිනවා
08:44
Video thumbnail
අසේල ප්‍රසිද්ධියේම ලීක්කළ රහසිගත පින්තූරය..නත්තල් පප්පා වගේ ගණන් කියලා දැන් ජිම් පප්පාවෙලා තියෙන්නේ
06:26
Video thumbnail
බලන දුම්රිය ස්ථානය අසල, දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම කැඩී යයි.."දිට්වා" සුළි කුණාටුව කළ විපතක තරම..
00:58
Video thumbnail
රජයේ ඇමතිලාගේ Photoshoot දැන් නවත්තපල්ලා..මිල වැඩි කරනවනම් ඇයි වෙළෙඳ අමාත්‍යංශයක් වහලා දාන්න
08:16
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ පාදෙණියේ බිහිසුණු බස් - ලොරි අනතුර
00:31
Video thumbnail
ආණ්ඩුව විනාශ කරන්න කිහිප දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා..චන්ද්‍රිකාගේ මැදිහත්වීම ගැන අපිට සතුටුයි
05:15


?