ලාංකීය ප්‍රභේදය යටපත් වෙයි – ඊට වඩා භයානක ප්‍රභේදයක් රට පුරා

පසුගිය කාලයේ මෙරටින් වාර්තා වූ ශ්‍රී ලංකාවට ආවෙිණික කොවිඩ් 19 ප්‍රභේදය මේවන විට සම්පූර්ණයෙන්ම පාහේ යටපත් වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරනවා.

ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

ශ්‍රී ලාංකික ප්‍රභේදය යටපත්ව ඇති බවට පෙන්නුම් කරන නමුත් බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය හෙවත් ඇල්ෆා ප්‍රභේදය මේවන මෙරටින් වැඩි වශයෙන් වාර්තාවන බවයි.

පසුගිය මාසයක කාලය තුළ ලද පර්යේෂණ දත්තවලට අනුව කොළඹින් පිටත දුරබැහැර ප්‍රදේශවලට ද බ්‍රිතාන්‍ය ප්‍රභේදය පැතිර ගොස් ඇති බව අනාවරණය වූ බව ද ආචාර්යවරයා ප්‍රකාශ කළා.

මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, හබරාදූව, මාතර, කරාපිටිය, මහනුවර සහ රාගම ආදී ප්‍රදේශවලින් ද බ්‍රිතාන්‍ය ප්‍රභේදය වාර්තා වී ඇති බවයි ඔහු පවසන්නේ.

මෙම ප්‍රභේදය සාමාන්‍ය කොවිඩ් 19 වෛරසයට වඩා 50%කින් පමණ වැඩි වේගයකින් පැතිරෙන බවත්, 55%කින් පමණ දරුණු බවින් සහ මාරාන්තික බවින් වැඩි බවත් ආචාර්ය ජීවන්දර අවධාරණය කළා.

කෙසේ වෙතත් මේවන විට මෙරට භාවිතවන කොවිඩ් මර්ධන එන්නත් වර්ග 03ම (ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික් සහ සයිනොෆාම්) මෙම බ්‍රිතාන්‍ය ප්‍රභේදය හෙවත් ඇල්ෆා ප්‍රභේදයට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන බව ද ඔහු සඳහන් කළා.

එම නිසා ජනතාව තමන්ට නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතා වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම එක් පුද්ගලයෙකුගේ ජෛව සාම්පල හරහා ඉන්දියානු ප්‍රභේදය ද හමු වූ බව පවසන ආචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එම තැනැත්තා නිරෝදායනය වෙමින් සිටි පුද්ගලයෙකු බවයි.

එම නිසා ඉන්දියානු ප්‍රභේදයේ පැතිරීමක් මෙරට තුළ සිදුව නොමැති බව ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32