නුවරඑළිය සහ බදුල්ල දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 02 යටතේ, නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ සහ නිල්දණ්ඩහින්න ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ.
ඊට අමතරව අනතුරු ඇඟවීමේ මට්ටම 01 යටතේ, බදුල්ල දිස්ත්රික්කයේ මීගහකිවුල සහ කන්දකැටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්රික්කයේ මතුරට සහ හඟුරන්කෙත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1



