පසුගිය සෙනසුරාදා (14) ජින්තුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරායෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි තැබීම සිදුවූ දිනයේ වෙඩි තැබීම සිදු වූ ප්‍රදේශයේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ, අනුව වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා
වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ දී කොන්ඩා කපන ස්ථානයක් තුළ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයින් හතර දෙනෙක් තුවාල ලැබුවා.













