මෙරට තුළ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
කළුතර 117වන ලූර්දු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යට ඊයේ (14) එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව සඳහන් කළා.
අද වන විට පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ක්‍රමවේදයක් දැකගැනීමට හැකි බව සඳහන් කළ උන්වහන්සේ, එය භයානක ලෙස මෙරට තුළත් පැතිරීගෙන යන බවයි වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්ම සමාජයේ කුඩාම ඒකකය පවුල බව පැවසූ කාදිනල් හිමියන් පවුල ශක්තිමත් නම් සමාජය ද ශක්තිමත් වන බවයි අවධාරණය කර සිටියේ.
කළුතර සිරිකුරුස දේවස්ථානයේ 117 වන ලූර්දු මාතා දේව මංගල්‍යය මෙවර ද කළුතර සිරිකුරුස දේවස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවති අතර, කළුතර සිරිකුරුස දේවස්ථානයේ ප්‍රධාන මීසං පාලක ඩිල්රන් පීරිස් පියතුමාගේ උපදෙස් පරිදි සහ සිරිකුරුස දේවස්ථානයේ කිතුණු සභාව මෙම දේව මෙහෙය සංවිධානය කරනු ලබනවා.













