ගාල්ලේ පැරැණි යකඩ එකතුකරන තැනක ගින්නක්

ගාල්ල, දෙවට හන්දිය ප්‍රදේශයේ පැරැණි යකඩ එකතුකරන වෙළඳසැලක අද (08) දහවල් ගින්නක් හටගත්තා.

පොලිසිය හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න පාලනය කිරීම සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකක්, දක්ෂිණ නාවුක කඳවුරේ ගිනි නිවන රථයක් සහ ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් ද ඊට එක්ව සිටියා.

ගින්න හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගත් අතර, පැයක පමණ කාලයකින් වෙහෙස වී ගින්න නිවා දැමීමටයි කටයුතු කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ ආරාධනයෙන් ආ හිටපු ජනපති රනිල්ට ලැබුණු පිළිගැනීම...
00:48
Video thumbnail
රට වටේ ඉන්න දක්ෂ ක්‍රීඩකයින් සොයා යන ගමන..ක්‍රීඩා ඇමති හෙළිකරයි
06:45
Video thumbnail
සජිත් ළඟට ආපු නාමල් රාජපක්ෂව උණුසුම් ලෙස පිළිගත්තු හැටි...
00:38
Video thumbnail
අර්චුනා හඬා වැටෙමින් පාර්ලිමේන්තුවම සංවේදී කරයි...
00:39
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට නාමලුත් එයි
01:02
Video thumbnail
රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කාර්යාලයට එයි
01:06
Video thumbnail
කොටගල මන්ත්‍රීට ප#හරදුන් මාලිමාවේ සංවිධායකව අත්අඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණයක
02:16
Video thumbnail
විපක්ෂයේ හමුව ගැන මහින්දගෙන් සැර කතාවක් - යන එන මං නැතිවුණ විපක්ෂය බයවෙලා
02:41
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21