ලංගම රියදුරාට පහර දුන් ප්‍රයිවට් බස් රියදුරා සහ කොන්දොස්තර අල්ලයි

ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක රියදුරෙකුට පහර දුන් පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලිඳුල පොලිසිය විසින් මොවුන් දෙදෙනා අද (08) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු 39 හැවිරිදි සැකකාර රියදුරා සහ 35 හැවිරිදි කොන්දොස්තරවරයා හෙට (09) දිනයේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෙරේදා (06) උදෑසන ඩයගම සිට හැටන් දක්වා ගමන් ආරම්භ කළ ලංගම බස් රථයට පිටුපසින් හඹා ආ පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මෙම පහරදීම සිදුකර තිබුණා.

පෞද්ගලික බස් රථයේ රියදුරා විසින් ලංගම බස් රථය හරස් කර පෞද්ගලික බසය නවත්වා ලංගම බසයේ රියදුරු අසුනේ දොර ඇර එහි රියදුරාට මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ලිඳුල, මෙරායා නගරය ආසන්නයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ලංගම බස් රථය විනාඩි පහකට කලින් ධාවනය කළේ යැයි කියන සිද්ධියක් මුල්කරගෙන මෙම පහරදීම සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18