ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ මානසික සූදානමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරමින් සැසිවාර කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වනවා.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙක් වන පැඩී අප්ටන් විසින් මෙම සැසි පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු අප්‍රිකානු ජාතික පැඩී අප්ටන් ක්‍රිකට් පුහුණුකරුවෙකුට අමතරව වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම් ඉහළ නැංවීමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරන අයෙක්.
ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව හොකී, රග්බි සහ මලල ක්‍රීඩාවල නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම්න ඉහළ නැංවීමේ විශේෂඥ පුහුණුකරුවෙක් ලෙස ද කටයුතු කළ අයෙක්.
ඉන්දීය හොකී කණ්ඩායම, එංගලන්ත රග්බි කණ්ඩායම, දකුණු අප්‍රිකානු ඔලිම්පික් කණ්ඩායම් සාමාජිකයින් ද ඔහුගෙන් සේවාව ලබාගෙන තිබෙනවා.













