දකුණු කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජනගහන පහත වැටීමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවෙන් ස වියට්නාමයෙන් තරුණ කාන්තාවන් කන්‍යාවන් ආනයනය කළ යුතු බව ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ පවසා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ මතභේදයට තුඩු දී ඇති මෙම ප්‍රකාශයට ආණ්ඩුකාරවරයා නිල වශයෙන් සමාව අයැද සිටි බවයි.
ඔහු සමාව අයදිමින් පැහැදිලි කර ඇත්තේ, කිසිදු නිශ්චිත රටක් හෝ පුද්ගලයෙකු අවමානයට ලක් කිරීමේ අදහසක් තමන්ට නොතිබුණු බවයි.
ග්‍රාමීය ප්‍රදේශවල දැඩි ජනගහන පහත වැටීමක් පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ, නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ග්වාංජු මෙට්‍රොපොලිටන් නගරය සමඟ පළාතේ නගර සහ ප්‍රාන්ත නවයක් පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටිය දී ඔහු මෙම ප්‍රකාශය කර තිබෙනවා.
සාකච්ඡාව අතරතුර, කිම් හී-සූ ප්‍රකාශ කළේ, රට පුරා ජනගහනය අඩුවන කලාප 89න් 20%ක් දකුණු ජියෝල්ලා හි බවයි.
එමෙන්ම ග්වාංජු සහ දකුණු ජියෝල්ලා ඒකාබද්ධ වූ විට, ජනගහන පහත වැටීමට එරෙහිව පියවර නීතිගත කළ යුතු බවත්, ග්‍රාමීය තනිකඩයන් විවාහ කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් හෝ වියට්නාමයෙන් තරුණ මනාලියන් ආනයනය කිරීමට ක්‍රියාවලියක් සැකසිය යුතු බවයි ඔහු පවසා ඇත්තේ.
කෙසේ වෙතත් විදේශීය කාන්තාවන් පහත්කොට මෙලෙස බරපතල ආකාරයෙන් විවේචනයට ලක් කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ අංශවලින් බලපෑම් සහ විරෝධතා එල්ලවන මොහොතෙයි ඔහු සමාව ඉල්ලා සිටින්නේ.














Lankawath iwarada
Sri Lanka Girls like a Marriage Korean Boys it’s ok.. Family Life it’s Cool.. ❤️🌹✌️👍🙏
Piriminta thenak thiyanavanam akenma yanava