AFC Banner
Empty Ad
Empty Ad

මුහුදු මාළු කෑම ගැන සමුද්‍ර පරිසර සභාපතිනියගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මේවන විට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ ඉන්ධන පවතියි ද නැද්ද යන්න පිළිබඳව නිෂ්චිතව දැනගත හැක්කේ ඒ පිළිබඳ වාර්තාව තමන් වෙත ලැබීමෙන් අනතුරුව බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය පවසනවා.

එම වාර්තාව මෙම සති අන්තයේ තමන් වෙත ලැබෙනු ඇති බවටයි ඇය විශ්වාසය පළ කරන්නේ.

ඇය මෙම අදහස් පළ කළේ මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින්.

ළහඳපුර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ නෞකාව ඈත දියඹට රැගෙන යන ලෙස තමන් ලිඛිතව දන්වා තිබූ නමුත් එය ඉටුව නොමැති බවයි.

ඒ පිළිබඳව ද ඉදිරියේ දී විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඇය ප්‍රකාශ කළා.

අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී එයට සම්බන්ධ වූ නිවේදක මහතා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය අතර මෙලෙස අදහස් හුවමාරු වූවා.

නිවේදක: “තොරතුරු වාර්තා වෙනවා ත්‍රිකුණාමල මුහුදු සීමාව දක්වාම මේ නැවෙන් මුසුවුණු ප්ලාස්ටික් කොටස් හමුවෙනවා කියලා අද දවස වන විට. ඔබතුමියට වාර්තා වෙනවද?”

සභාපතිනිය: “මට වාර්තාවක් ආවේ නැහැ.”

නිවේදක: “දැන් මේ මත්ස්‍යයෝ මිය යන එක බොරුවක් ද එතකොට?”

සභාපතිනිය: “නෑ. මත්ස්‍යයෝ මිය යන එක ඇත්ත.”

නිවේදක: “මසුන් ආහාරයට ගැනීම සුදුසුයි ද?”

සභාපතිනිය: “මට ‘ඔවු’ කියන්න බෑ! ‘නෑ’ කියන්නත් බෑ!”

නෞකාවෙන් සිදුවුණු ව්‍යසනය හමුවේ මුහුදු මත්ස්‍යයින් ආහාරයට ගැනීම කෙරෙහි බලපෑමක් නොමැති බවට යි රජයේ පාර්ශවයෙන් දිගින් දිගටම අදහස් පළ වූයේ.

එවන් පසුබිමක සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය මෙවන් අදහසක් පළ කිරීම විශේෂත්වයක්.

මේ අතර මීට පෙර ගිනිගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබුණේ ඩොලර් මිලියන 19ක වන්දි මුදලක් පමණක් බව ද ඇය මෙම සම්මුඛ සාකච්ඡාව අතරතුර සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?