මුහුදු මාළු කෑම ගැන සමුද්‍ර පරිසර සභාපතිනියගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මේවන විට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ ඉන්ධන පවතියි ද නැද්ද යන්න පිළිබඳව නිෂ්චිතව දැනගත හැක්කේ ඒ පිළිබඳ වාර්තාව තමන් වෙත ලැබීමෙන් අනතුරුව බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය පවසනවා.

එම වාර්තාව මෙම සති අන්තයේ තමන් වෙත ලැබෙනු ඇති බවටයි ඇය විශ්වාසය පළ කරන්නේ.

ඇය මෙම අදහස් පළ කළේ මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින්.

ළහඳපුර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ නෞකාව ඈත දියඹට රැගෙන යන ලෙස තමන් ලිඛිතව දන්වා තිබූ නමුත් එය ඉටුව නොමැති බවයි.

ඒ පිළිබඳව ද ඉදිරියේ දී විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඇය ප්‍රකාශ කළා.

අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී එයට සම්බන්ධ වූ නිවේදක මහතා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය අතර මෙලෙස අදහස් හුවමාරු වූවා.

නිවේදක: “තොරතුරු වාර්තා වෙනවා ත්‍රිකුණාමල මුහුදු සීමාව දක්වාම මේ නැවෙන් මුසුවුණු ප්ලාස්ටික් කොටස් හමුවෙනවා කියලා අද දවස වන විට. ඔබතුමියට වාර්තා වෙනවද?”

සභාපතිනිය: “මට වාර්තාවක් ආවේ නැහැ.”

නිවේදක: “දැන් මේ මත්ස්‍යයෝ මිය යන එක බොරුවක් ද එතකොට?”

සභාපතිනිය: “නෑ. මත්ස්‍යයෝ මිය යන එක ඇත්ත.”

නිවේදක: “මසුන් ආහාරයට ගැනීම සුදුසුයි ද?”

සභාපතිනිය: “මට ‘ඔවු’ කියන්න බෑ! ‘නෑ’ කියන්නත් බෑ!”

නෞකාවෙන් සිදුවුණු ව්‍යසනය හමුවේ මුහුදු මත්ස්‍යයින් ආහාරයට ගැනීම කෙරෙහි බලපෑමක් නොමැති බවට යි රජයේ පාර්ශවයෙන් දිගින් දිගටම අදහස් පළ වූයේ.

එවන් පසුබිමක සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය මෙවන් අදහසක් පළ කිරීම විශේෂත්වයක්.

මේ අතර මීට පෙර ගිනිගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබුණේ ඩොලර් මිලියන 19ක වන්දි මුදලක් පමණක් බව ද ඇය මෙම සම්මුඛ සාකච්ඡාව අතරතුර සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09