මිනියාපොලිස් හි වෙඩි තැබීමකින් ඇමරිකාව කැළඹෙයි

ඇමරිකාවේ මිනියාපොලිස් හිදී ෆෙඩරල් සංක්‍රමණ නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් 37 හැවිරිදි ඇමරිකානු ජාතිකයෙක් මියගොස් තිබෙනවා.

මේ සමඟ නගරය පුරා දැඩි විරෝධතා මතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා ඇලෙක්ස් ප්‍රෙට්ටි නැමැති හෙද නිලධාරියෙකු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ෆෙඩරල් නිලධාරීන් පවසන්නේ නීති විරෝධී සංක්‍රමණිකයෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඔහු ගිනිඅවියක් සහිතව නිලධාරීන්ට බාධා කළ බවයි.

කෙසේ වෙතත් ඇසින් දුටු සාක්ෂි සහ වීඩියෝ දර්ශන මගින් කියවෙන්නේ ඔහු නිරායුධව සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිනියාපොලිස් හි නගරාධිපති සහ ආණ්ඩුකාර වෝල්ස් වෙත “කැරැල්ලකට” පෙළඹවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා.

ට්‍රම්ප් සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොර බවයි මිනියාපොලිස් හි සිදු වූ වෙඩි තැබීමට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී නායක හකීම් ජෙෆ්රිස් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36