පකිස්ථානයේ විවාහ මංගල්‍ය උත්සවයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසනවා.
ප්‍රහාරය එල්ල වූයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ පිහිටි ඩෙරා ඉස්මයිල් ඛාන් නගරයේ පකිස්ථාන රජයට පක්ෂපාතී ප්‍රජා නායකයෙකුගේ නිවසටයි.
ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන මේ වනතෙක් භාරගෙන නැහැ.
කෙසේ වෙතත්, පකිස්ථාන තලේබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක පල කෙරෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
5
+1
+1



