තොන්ඩමන්ලට රජයෙන් සත්තමක් ? – කනපති කනගරාජ්ගෙන් අනාවරණයක්

තොන්ඩමන් පදනම සහ තොන්ඩමන් නාමය ඉවත් කිරිමට රජය සැලසුම් කරන බවත්, එයට වතුකරයේ ජනතාව
කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපති කනපති කනගරාජ්
අවධාරණය කරනවා.

අද (24) දිනයේ දී හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කරා.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වූ කනපති කනගරාජ් කියා සිටියේ ඊයේ (23) දින පාර්ලිමේන්තුවේදි නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් සහ අම්භිගා සාමුවේල් මහත්මියත් සැලසුම් සහගතව පාර්ලිමේන්තුවට පැමිණ
රම්බොඩ තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයත් නෝර්වුඩ් නගරයේ පිහිටි තොන්ඩමන් ක්‍රීඩාංගණයේත් නම වෙනස් කල යුතු බවට ප්‍රකාශ කල බවත්, වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කල සර්වමූර්ති තොන්ඩමන් නාමය
ඉවත් කිරිමට කිසිවෙකුටත් නොහැකි බවත්, එම නාමය ඉවත් කිරිමට වතුකරයේ ජනතාව හෝ ලංකා කම්කරු කොංග්‍රසය කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියා.

ජනාධිපතිවරයාට ති‍බෙන ජනප්‍රියතාවය පදනම් කරගෙන එම නියෝජ්‍ය ඇමතිවරයා සහ මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුව වෙත පැමිණි බවත්, එසේ පැමිණ වතුකරයේ ජනතාව වෙනුවෙන් කටයුතු කල සර්වමූර්ති තොන්ඩමන්ගේ නාමය හෝ තොන්ඩමන්
පදනම ඉවත් කිරිමට උත්සහ නොකරන ලෙසයි කනපති කනගරාජ් වැඩිදුරටත් පෙනවා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?