දෙවන තරගයේ කාසියේ වාසියත් චරිත්ට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගයේ කාසිය වාසිය දින ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායකයා තෝරා ගනු ලැබුවා.

පෙර තරගය ක්‍රීඩා කළ කණ්ඩායමේ කිසිඳු වෙනසක් සිදු නොකර මෙම තරගයටත් යොදා ගන්නා බවත් චරිත අසලංක සඳහන් කළා.