ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
තවදුරටත් එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ නාවික මෙහෙයුම්වල ප්‍රතිථලයක් ලෙස, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු සහ සන්නිවේදන උපකරණ එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
එම බහුදින ධීවර යාත්‍රා දෙක , මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බවයි නාවික කළේ.
මෙම යාත්‍රා දෙක තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270ක් පමණ ඇති බවට සැක කෙරෙනවා.



