රාමසාන් සමය තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත්සනින් යුතුයි චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.
රාමසාන් සමය පෙබරවාරි 19 සිට මාර්තු 21 දක්වා පැවැත් වෙනවා.
චක්‍රලේඛයට අනුව, ඉස්ලාමීය රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ ආගමික වතාවත් සිදු කිරීමට ඉඩ සැලසෙන පරිදි වැඩ මුර සකස් කළ යුතුයි.
එමෙන්ම නොවැලැක්විය හැකි අවස්ථාවල විශේෂ නිවාඩු අනුමත කළ යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන්.
මීට අමතරව, සුදුසුකම් ලත් සේවකයින්ට රාමසාන් සමය අවසන් වීමට දින 14 කට පෙර උත්සව අත්තිකාරම් ලබාදෙන ලෙසට ද චක්‍රලේඛයේ උපදෙස් දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













