කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළුව දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීම සහ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අනුරාධපුරය සහ කන්කසන්තුරය අතර කොට්ඨාශයට සීමා කිරීම පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව කොළඹ කොටුව සහ ත්‍රිකුණාමලය අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ජනවාරි 20 වනදා සිට යළි ධාවනයට එක් කිරීමට නියමිතයි.
ඊට අමතරව කොළඹ කොටුව හා මඩකලපුව අතර ධාවනය වන පුලතිසි නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය ද 20 වනදා සිට දිනපතා ධාවනයට එක්කෙරෙන අතර, උදය දේවී දුම්රිය ධාවනය ද ආපදා තත්ත්වයෙන් පසු නැවත ධාවනය ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.














