මෙරට නිදහස් අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රතිසංස්කරණයක් නිශ්චිතව සිදුවිය යුතුය යන මතය තරයේ විශ්වාස කරන බවත් එය ප්‍රතිසංස්කරණයක් පමණක් නොව අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක්ම සිදුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
වත්මනයේ කතා බහට ලක්වී තිබෙන අධයාපන ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
සමගි ජන බලවේගය විරුද්ධ වූයේ වත්මන් රජය නිදහස් අධ්‍යාපනය අසභ්‍යකරණයට හා විකෘතිකරණයට ලක් කිරීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මීට පෙර සමගි ජන බලවේගය ඉංග්‍රීසි භාෂාව මෙන්ම ජපන් භාෂා ඉගැන්වීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද කතා කරන විට වත්මන් රජයේ මැති ඇමතිවරු එදා එම කරුණු හාස්‍යට ලක්කළ බවත් විපක්ෂනායකවරයා පවසා සිටියා.













