2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා මෙරට ඇමෙරිකානු තානාපතිනිය ලෙස කටයුතු කළ ජුලි චං අද (16) සිය තනතුරේ කටයුතු අවසන් කරමින් මෙරටින් පිටත්ව යාමට නියමිතයි.
මේ අතර එලෙස රාජකාරි අවසන් කර මෙරටින් පිටත්ව යන ජුලි චං සම්බන්ධයෙන් අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අදහස් දක්වනු ලැබුවා.
එහිදී ඔහු සඳහන් කර සිටියේ ජුලී චං සිය රාජකාරි කටයුතු අවසන්කර මෙරටින් පිටත්ව යන අද දිනය රට පුරාවටම කිරිබත් කා සැමරිය යුතු කාරණාවක් බවයි.
එලෙස පැවසූ ඔහු මාධ්‍ය හමුවේදී කිරිබත් ආහාරයට ගෙන ජුලී චංගේ පිටව යාම සමරනු ලැබුවා.
සාමාන්‍ය ආකාරයට තානාපතිවරයෙක් රටක සේවය කරනු ලබන්නේ වසර තුනක් පමණක් බවත් ජුලී චං වසර හතරක් තිස්සේ මෙරට සේවය කරනුයේ වෙනත් කිසිම තානාපතිවරයෙක්ට වඩා ලංකාව ඇමෙරිකාවේ අණසකට යටත් කරන්න ඇය සමත් වූ නිසාවෙන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අදහස් දක්වමින් පවසා සිටියා.













