ඇමෙරිකානු තානාපතිනිය ජුලි චන්ග් යන සතුටට ගම්මන්පිල කිරිබත් කයි (වීඩියෝ)

2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා මෙරට ඇමෙරිකානු තානාපතිනිය ලෙස කටයුතු කළ ජුලි චං අද (16) සිය තනතුරේ කටයුතු අවසන් කරමින් මෙරටින් පිටත්ව යාමට නියමිතයි.

මේ අතර එලෙස රාජකාරි අවසන් කර මෙරටින් පිටත්ව යන ජුලි චං සම්බන්ධයෙන් අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අදහස් දක්වනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ ජුලී චං සිය රාජකාරි කටයුතු අවසන්කර මෙරටින් පිටත්ව යන අද දිනය රට පුරාවටම කිරිබත් කා සැමරිය යුතු කාරණාවක් බවයි.

එලෙස පැවසූ ඔහු මාධ්‍ය හමුවේදී කිරිබත් ආහාරයට ගෙන ජුලී චංගේ පිටව යාම සමරනු ලැබුවා.

සාමාන්‍ය ආකාරයට තානාපතිවරයෙක් රටක සේවය කරනු ලබන්නේ වසර තුනක් පමණක් බවත් ජුලී චං වසර හතරක් තිස්සේ මෙරට සේවය කරනුයේ වෙනත් කිසිම තානාපතිවරයෙක්ට වඩා ලංකාව ඇමෙරිකාවේ අණසකට යටත් කරන්න ඇය සමත් වූ නිසාවෙන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අදහස් දක්වමින් පවසා සිටියා.

  1. බලපංකෝ දැන් විපක්ෂේ ඉන්න උන්ගේ හැටි. නොදකින්. ගම්ම්ංපිල, පාච රණවක, සජිත් පුතානෝ, මොංගල් නාමල්, නය්දිලිත්, කජු සීයා,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46