”සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට තෛපොංගල් දිනයේදී අධිෂ්ඨාන කර ගනිමු” – අගමැතිනිය

අද (15) දිනට යෙදී තිබෙන තෛපොංගල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හැරිණි අමරසූරිය විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය හැරිණි අමරසූරිය විසින් නිකුත් කළ තෛපොංගල් සුබපැතුම් පණිවිඩය පහතින්,

ශ්‍රමයේ මහිමයටත් සොබාදහමෙන් ලද රැකවරණටත් ස්වකීය කෘතඥතාව පළකරන උදාර සංස්කෘතික සම්ප්‍රදායක අභිමානය සනිටුහන් කරමින්, තෛපොංගල් උත්සවය සමරන දෙස් විදෙස් දෙමළ ජනතාව වෙත මගේ හෘදයාංගම ශුභාශිංසනය පිරිනමමි.

මිනිස් ජීවිතය ස්වභාවධර්මය සමඟ කෙතරම් අවියෝජනීය ලෙස බැඳී පවතින්නේ ද යන්න මෙම උතුම් මංගල්‍යය ලොවට පසක්කරයි. අප සැම ස්වභාවධර්මයේම නිර්මාණයෝය. සොබාදහමට අකීකරුවීමෙන් හෝ එය අභිබවා යමින් අපට යාහැකි ගමනක් නැත.

ඒ අර්ථයෙන් සොබාදහමෙන් අපට ලැබෙන ආශිර්වාදයන්ට පෙරළා ගරු කිරීම අපගේ උතුම් මානුෂීය ගුණයක් ලෙස හැඳින්විය හැක.

රටක් ලෙස අප අද සිටින්නේ තීරණාත්මක වෙනසක අභිමුවය. ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ, ආකල්පමය පරිවර්තනයක් ද ඇති කරමින්, දේශය ‘පුනරුද යුගයක්’ කරා මෙහෙයවීමේ දැවැන්ත වගකීම අප සැම සතුවේ.

අභියෝග මධ්‍යයේ වුවද, රජයක් ලෙස අප එම වගකීම භාරගෙන දේශයේ අභිවෘද්ධිය උදෙසා වූ නව වසරකට අධිෂ්ඨානයෙන් යුතුව මුලපුරා ඇත්තෙමු.

“අපට බත් පතට අත තැබිය හැකිවන්නේ ගොවියා මඩේ පා තැබුවහොත් පමණි ” යන කියමන අනුව, රටේ අනාගත සමෘද්ධිය වෙනුවෙන් අද අප කරන කැපවීම ද සරු අස්වැන්නක් අපේක්ෂාවෙන් වගා බිමක් සකස් කිරීම හා සමානය. සොබාදහමට ගරු කරමින් ඊට කෘතවේදීත්වය පළ කරන මෙම තෛපොංගල් උත්සවය, යහපත් සංස්කෘතික වටිනාකම්වලින් හෙබි පුරවැසියන් බිහි කිරීමට අපට කරන මග පෙන්වීමක් බඳු ය.

එකිනෙකාට ගරු කිරීම, අන්‍ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කර ගනිමු.

තෛපොංගල් මංගල්‍යය සමරන දෙමළ ජනතාවගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවායි ද, මෙම නව ආරම්භය සැමට සතුට සහ සෞභාග්‍යය උදා කරදීමට හේතුවේවායි කියා ද මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11